(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාව අද පෙරවරු 9.30 ට සාකච්ඡාවක් සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය වෙත කැඳවා තිබේ.
බීමත් සේවකයෙකුට එරෙහිව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ගනු ලැබූ විනය පියවරක් වළක්වාලීමට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් බලපෑම් සිදුවන බව පවසමින් දුම්රිය වෘත්තිය සමිති ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කළහ.
දුම්රිය වැඩ වර්ජනය නිසා මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.
එම ස්ථානයේ සිටි දුම්රිය නිලධාරීන් ප්‍රකාශ කර තිබෙන්නේ කොළඹ සිට කිසිදු දුම්රියක් ධාවනය නොවන බවයි.
කොටුව දුම්රිය ස්ථානයේ ආරක්ෂාව සඳහා පොලීසියේ සහ හමුදා නිලධාරීන් ද යොදවා තිබේ.








