FAST NEWS

24×7 Around the Globe

සරසවි සිසුන් ඝාතනයට චෝදනා එල්ලවූ STF සෙබලුන් 12 දෙනා නිදහස්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  2006 වසරේදී සරසවි සිසුන් දෙදෙනෙකු ඇතුලු පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ චෝදනාවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් 12 දෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු නිදොස්කොට නිදහස් කර තිබේ.

ඒ මෙම නඩුවේ තීන්දුව ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එම්. හම්සා විසින් ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදියි.

එහිදී විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ ඝාතනයට අදාළව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් සැකකරුවන් නිදහස් කරන බවයි.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම විශ්වවිද්‍යාල සිසුන් වෙඩි තබා ඝාතනය කර තිබුණේ 2006 වසරේ ජනවාරි මස 07 වනදායි.