FAST NEWS

24×7 Around the Globe

ඇමැති පාඨලිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් විනිසුරුවරු සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් කර ඇතැයි පවසමින් නීතිඥවරුන් තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

රොෂාන් දේවින්ද රණවීර ,රන්ජිත් රණසිංහ ,නිමල් වීරක්කොඩි යන නීතීඥවරු ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක,පොලිස්පති,නීතිපති නම් කරනු ලැබ සිටිති.

එම පැමිණිල්ලේ සඳහන් වන්නේ ඉකුත්දා පැවති මහමැතිවරණයට සමගාමීව ජූලි 26 පළමු වගඋත්තරකාර පාඨලී චම්පික රණවක මහතා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවති සිය මැතිවරණ මෙහෙයුම් දියත් කීරීමේ උත්සවයේ කළ කතාවක් දෙරණ නාලිකාවේ රාත්‍රි 8 විකාශය කළ බවත් එම ප්‍රකාශයෙන් විනිසුරුවරුන් ගැන සඳහන් කරමින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව පෙන්වා දී ඇත.