(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත පැමිණ තිබේ.
හිස්බුල්ලා මහතා විසින් දුරකතනය ඔස්සේ තමන්ට මරණ තර්ජන සිදු කළ බවට කන්දසාමි ඉම්බරාසා නමැත්තෙකු විසින් 2018 වසරේ සැප්තැම්බර් මස 05 වනදා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.








