FAST NEWS

24×7 Around the Globe

නුවර එළියටත් කේබල් කාර් ව්‍යාපෘතියක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නානුඹය සිට සිංගල් ට්‍රී කන්ද හරහා නුවරඑළිය ග්‍රෙගරි වැව දක්වා කේබල් කාර් ව්‍යාපාතියක් ආරම්භ කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැති හිමිව තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ සීමාසහිත අවුට්ඩොර් ඉංජිනියරින් ලංකා පුද්ගලික සමාගම හා එහි විදේශීය හවුල්කරුවන් වන ඩොපෙල්මේ කේබල් කාර් සමාගම විසිනුයි.

ඒ සඳහා වැය කිරීමට ඇස්තමේන්තු ගත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක්.

නානුඹය දුම්රිය ස්ථානය, නුවරඑළිය තුරඟ තරග පිටිය හා සිංගල් ට්‍රී කඳු මුදුණ යා කරමින් කුළුණු 21 ක් මත ගොඩනැගීමට යෝජිත මෙම ව්‍යෘතිය හරහා එකවර මගීන් 10 කට ගමන් කළ හැකි කුටි 88 කින් සමන්විතය.