FAST NEWS

24×7 Around the Globe

බැටික්ලෝකැම්පස් සම්බන්ධ වාර්තාව අධ්‍යනය කීරිමට අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සීමාසහිත බැටික්ලෝකැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව ලබාදුන් නිරීක්ෂණ වාර්තාවේ නිර්දේශ අධ්‍යනය කර, අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරිමට ඊයේ (02) රැස්වු කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව මුදල් ; නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන; ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් අමාත්‍ය අනු කාරක සභාවක් පත්කර ඇති බව කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග කියයි.