(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (03) දහවල් 12 ට රාජ්‍ය සේවක එකමුතුව විසින් විරෝධතා උද්ඝෝෂණයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
රාජ්‍ය සේවක නිල ඇඳුමට අදාළව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 13/2019ට අනුව ඇඳුම් හඳුන්වාදී තිබියදී දේශපාලන වුවමනාවන් මත එම චක්‍රලේඛය සංශෝධනය කර “සංවර ඇඳුමක්” යන යෙදුම ඇතුළත් කර 2019.06.26 දාතමින් නිකුත්කර ඇති 13/2019/(1) යන සංශෝධිත චක්‍රලේඛය අහෝසි කරන ලෙසට බල කරමින් මෙම විරෝධතාවය සිදු කෙරෙන බව එම එකමුතුව කියයි.
රාජ්‍ය සේවයේ ගෞරවනීයත්වයට විශාල හානියක් මෙන්ම විනය පිරිහීමක්ද සිදුවන මෙම සංශෝධිත චක්‍රලේඛය වහාම හකුළා නොගන්නේ නම් ඉදිරියේදී දීප ව්‍යාප්තව උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර අරඹන බව රාජ්‍ය සේවා එකමුතුව වැඩි දුරටත් අවධාරණය කරයි.








