(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමසම හමුව වෙත අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාන මහතා අද (03) කැඳවා තිබේ.
පාසල් පෙළ පොත්වල විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ වර්ණ ඡායාරූපයක් ඇතුළත් කිරීම හේතුවෙන් සිදු වූ බව කියන මූල්‍ය පාඩුව සම්බන්ධ පැමිණිල්ලේ සාක්ෂි ලබාදීම සඳහා මෙම කැදවීම සිදුකර ඇත.
හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මීට පෙර කොමිසම ඉදිරියේ 2018 වසරේ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතා පසුගියදා සාක්ෂි ලබා දුන්නේය.








