(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වී නොමැති බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා සදහන් කරයි.
ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා හා දුම්රිය සමාන්‍යාධිකාරීවරයා අතර පවතින ගැටළුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය මැදිහත්ව විසදන බවත් , මෙම ගැටලුව හේතුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් , ඒ බව දැනුවත් වීමෙන් පසු තමන් ඊට මැදිහත්ව ගැටළුව නිරාකරණය කිරීමට අවශ්‍ය පියවර ගත් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
……………………………………………………………………………………………………………………………………………………………………..
(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (02) සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති මහතා වෙත ලබා දී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
රාජකාරි කාලය තුළදී මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් වැඩ තහනම් කෙරුණ දුම්රිය වෘත්තීය සමිති ලේකම්වරයකු යළි සේවයට ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් බලපෑම් කිරීම සාමාන්‍යාධිකාරිවරයාගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇතැයි දුම්රිය වෘත්තීය සමිති කියයි.








