(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යුද හමුදාවේ 61 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (03) අලුයම දකුණු සුඩානය බලා පිටත්ව ගිය අතර , එම කණ්ඩායම නිළධාරීන් 11 දෙනෙකුගෙන් සහ යුද හමුදාවේ වෛද්‍ය බලකා සාමාජිකයින්ගෙන් සමන්විත වේ.
ඔවුන් දකුණු සුඩානයට මෙරටින් පිටත්ව යන 06 වන හමුදා කණ්ඩායමයි.
මෙම කණ්ඩායම වසරක කාලයක් එහි සේවය කිරීමට නියමිත බව යුද හමුදාව සඳහන් කරයි.
මෙම කණ්ඩායම පිටත්ව යාමත් සමග එහි සේවය කරන 66 දෙනෙකුගෙන් යුත් යුද හමුදා කණ්ඩායමක් යළි දිවයිනට පැමිණෙන බව ද යුද හමුදාව සඳහන් කළේය.








