(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පහරදීමේ සිද්ධියකට අදාළව නාරම්මල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අරුණ ශාන්ත සහ ඔහුගේ ඥාතියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාගේ ඥාති දියණියක සමඟ පහරකෑමට ලක්වූ පුද්ගලයා ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර , ඊට විරෝධය පළ කළ මෙම මන්ත්‍රීවරයා සහ අදාළ තරුණියගේ පියා එම තරුණයාට පහරදී ඇති බව පොලිසිය පවසයි.
පහරකෑමට ලක්වූ තැනැත්තා මේ වනවිට කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.
මොවුන් දෙදෙනා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.








