(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු පළාතේ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවත් , වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.
මෙම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා දකුණු පළාත තුල සියලු ක්ෂේත්රවල ඩෙංගු වැලැක්වීමේ ක්‍රියාදාමයන් ක්‍රියාවට නංවා ඇති බවත් ඒ මහතා පැවසීය.
එළඹෙන 04 වනදා සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බවද වෛද්‍ය විජේසූරිය මහතා සදහන් කළේය.








