(ෆාස්ට් නිව්ස් – කොළඹ) -තමන්ට ලබාදුන් වසර සිර දඬුවමට එරෙහිව හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඇපෑලක් ගොනු කළේය.
ඒ අනුව අභියාචනාව සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය ලක්ෂ 2ක ශරීර ඇප දෙකක් මත හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මුදා හැරීමටට නියෝග කළාය.
අල්ලස් පනත යටතේ වරදකරුවු නි. පොලිස්පතිට වසර 03 ක සිරදඬුවම්
(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අල්ලස් පනත යටතේ චෝදනාවකට වරදකරු වු හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාට වසර 03 ක සිරදඬුවම් සමග ලක්ෂ තුනක දඩයක් නියම කරමීන් තීන්දුවක් ලබා දීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (02) කටයුතු කළේය.
ඔහු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමයේ 2007 කාල වකවානුවේදී මාතලේ ඉදිකළ සිය නිවසේ වැඩට ග්රාමාරක්ෂකයන් 05 ක් හා කොස්තාපල්වරුන් දෙදෙනෙක් නීති විරෝධීව යොදා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව ඔහුට එරෙහිව නඩු පවරා තිබුණි.








