(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිත තිබූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ හදවත් රෝගී අංශයට ඇතුළත් කර ඇති බව රෝහලේ ප්‍රකාශිකාවක් සදහන් කළාය.
ඒ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමට හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් වෙනත් දිනයක් ඉල්ලා තිබේ.
අප්‍රේල් 21 වනදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සදහා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් අද පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.








