(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා දිවෙන ඉන්ධන නළ මාර්ගයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලු සම්බන්ධයෙන් අද (02) දිනයේදී කැබිනට් මණ්ඩලයට වාර්තා කරන බව ඛණිජ තෙල් අමාත්‍ය කබීර් හෂීම් මහතා සදහන් කරයි.
මීට අමතරව , අදාළ නළ මාර්ගය මත පදිංචි වී සිටින ජනතාවට සැළසිය හැකි සහන පිළිබඳ සොයාබැලීම සදහා අමාත්‍ය මංගල සමරවීර , පාඨලී චම්පික රණවක , රවී කරුණානායක සහ තමන් ද ඇතුළුව සිව් පුද්ගල අමාත්‍ය කමිටුවක් පත්කරන බවත් කබීර් හෂීම් මහතා පැවසීය.
මෙම නළ මාර්ගයේ පිළිසකර කිරීමට ඇති මීටර් 140 ක කොටස සම්බන්ධයෙන් උද්ගතවූ ගැටලුවක් මත ලංකා විදුලිබල මණ්ඩලයට දැවීතෙල් සැපයීමෙන් වැළකී සිටීමට තෙල් සංස්ථා වෘත්තීය සමිති කටයුතු කළහ.
නමුත් ඊයේ (01) දිනයේ කබීර් හෂීම් මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව එම ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමටයි තෙල් වෘත්තීය සමිති පියවර ගත්තේය.








