(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මරණ දණ්ඩනය නැවත සක්‍රීය කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන් හමුවී ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදුකර ඇත.
ජනාධිපතිවරයාගේ තීරණයට තමන් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය විරුද්ධ බවත් , මරණ දඩුවමට අදාළ නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.
මරණ දඩුවම නැවත සක්‍රීය කිරීමට තීරණය කිරීමට පෙර ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් ඒ පිළිබඳ කිසිදු අදහස් විමසීමක් සිදු නොකල බවද අග්‍රාමාත්‍යවරයා එහිදී තානාපතිවරුන් හට දැනුම්දී තිබේ








