FAST NEWS

24×7 Around the Globe

රතන හිමීයෝ FCID වඩිති

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මඩකලපුව පෞද්ගලික විශ්විවිද්‍යාල සම්බන්ධයෙන් තමන් රැස්කර ගත් තොරතුරු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (01) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත වැඩම කර තිබේ.

ඒ අනුව මෙම ආයතනය සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයෙන්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ලේඛකයින් සහ වෙනත් ආයතනවලින් ලබා ගන්නා ලද සියලු තොරතුරු මෙලෙස අපරාධ කොට්ඨාසය වෙත බාර දුන් උන් වහන්සේ සඳහන් කළේය.

හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා සහ ඔහුගේ පවුලේ අයගේ ආයතනයක් බව ද රතන හිමියන් පවසා සිටියේය.