FAST NEWS

24×7 Around the Globe

මෙවර විද්‍යා පීඨවලට නවක සිසුන් 8000 ක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර විද්‍යා පීඨවලට නවක සිසුන් 8000 ක් බඳවා ගැනෙන අතර ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර්. එම්. එම්. රත්නායක මහතා පවසයි.

පෙර වසරවලට වඩා ශිෂ්‍ය සංඛ්‍යාව මෙවර දෙගුණයකින් වැඩි කර ඇති බවත් ඔහු සදහන් කරයි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඔවුන් සඳහා පාසල්වලට පත්වීම් ලබාදෙන බව ලේකම්වරයා පැවසීය.

අගෝස්තු , සැප්තැම්බර් මාසවලදී නවක සිසුන් විද්‍යා පීඨවලට ඇතුලත් කර ගැනීමට අපේක්ෂිත අතර දැනට විද්‍යා පීඨවල පුහුණුව අවසන් කරමින් සිටින සිසුන්ගේ සංඛ්‍යාව 4200 ක් පමණ වේ.