FAST NEWS

24×7 Around the Globe

මරණ දඩුවම වහා අත්හිටුවන්න – හියුමන් රයිට්ස් වොච්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඩුවම නැවත සක්‍රීය කිරීමට ගෙන ඇති තීරණය වහා අත්හිටුවිය යුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

වසර 40 කට වැඩි කාලයක් මරණ දඩුවම ක්‍රියාත්මක නොකිරීමෙන් ආසියාවේ කීර්තිමත් රටක් ලෙස නමක් දිනා සිටි ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට එමගින් හානි විය හැකි බවත් , කවර හෝ වාතාවරණයක් යටතේ මරණ දඩුවම අනුමත කල නොහැකි බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.

එහි ආසියානු කලාපීය අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් මහතා පෙන්වා දෙන්නේ මෙය මානව හිමිකම් තත්වය සැළකීමේදී ප්‍රබල පසුබෑමක් විය හැකි බවයි.