(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පොලිස ප‍්‍රභූ ආරක්ෂක සේවයේ පොලිස් කොස්තාපල්වරයෙක්ට පහර දීමේ චෝදනා මත අද (01) පෙරවරුවේ අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතාගේ වැඩිමහල් පුත්‍රයාව ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරිමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කර තිබේ.
මන්ත්‍රී ශාන්ත අබේසේකරගේ පුත්‍රයා අත්අඩංගුවට
(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පොලිස් ප‍්‍රභූ ආරක්ෂක සේවයේ පොලිස් කොස්තාපල්වරයෙක්ට පහර දීමේ චෝදනා ලැබු එක්සත් ජාතික පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතාගේ වැඩිමහල් පුත්‍රයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඔහු අද (01) පෙරවරුවේ හලාවත පොලිසියට පැමීණිමෙන් අනතුරුව ඔහුව මෙසේ අත්අඩංගුවට ගත් බව පැවසේ.








