(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මීට ස්වල්ප වේලාවකට ප්‍රථම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත පැමීණ තිබේ.
පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිදුව ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා, අද (01) දින උදෑසන 9.30ට අදාළ කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස නොතීසි නිකුත් කර තිබුණි.
එසේම ලබන මස 08 වන දින කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන ලෙස සිතාසි නිකුත් කර තිබේ.








