(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් සැකසීමේ ජාවාරමක නිරත චීන ජාතිකයින් දෙදෙනෙකු , කොල්ලුපිටියේ හෝටලයකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඊයේ (30) දිනයේ ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් මොවුන් ළඟ තිබී ණය කාඩ්පත් මුද්‍රණය කිරීමට යොදාගත් යන්ත්‍රයක්, හිස් කාඩ්පත් 05 ක් සහ ලැප්ටොප් පරිගණකයක්ද සොයාගත් බව එම කාර්යාලය කියයි.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බවත් පැවසේ.








