FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් බරපතල වංචා විමර්ශනයට කැඳවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම බරපතළ වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවට මේවන විට කැඳවා තිබේ.

කොමිෂන් සභාවේ ලේකම් ලැසිල් ද සිල්වා පැවසුවේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රචාරක දැන්වීම් සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතනයකට අයවිය යුතු මුදලක් සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම සිදුවන බවයි.

පසුගියදා මේ සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය ආයතනයේ හිටපු සභාපතිවරයාගෙන්ද ප්‍රශ්න කිරීමක් සිදුවිය.