(ෆාස්ට් නිව්ස්|කුලියාපිටිය) -පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පොල මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඊයේ (29) රාත්‍රී නාරම්මල පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට තර්ජනය කොට පහරදීමේ චෝදනාවට මංජුල පොල්ගම්පොල මහතා අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහු අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.








