FAST NEWS

24×7 Around the Globe

බීඩි කොළ තොගයක් මන්නාරමේදී අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස්|මන්නාරම) – බීඩි කොළ කිලෝග්‍රෑම් 372 ක් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මන්නාරම ,ඔලූතුඩුවායි ප්‍රදේශයේදීය.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් වළදමා තිබියදී මෙම බීඩිකොළ තොගය සොයාගෙන ඇති බව වාර්තාවේ.

අත්අඩංගුවට ගත් බීඩිකොළ තොගය අද රේගුවට භාරදීමට නියමිතය.