FAST NEWS

24×7 Around the Globe

මෙරට මත්පැන් පරිභෝජනය ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 1961 වසරේ සිට 2016 දක්වා ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය 95% කින් වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කල නවතම වාර්තාවක දැක්වෙයි.

2016 වසරේදී මත්පැන් පානයට අලුතින් එක්වූවන්ගේ ප්‍රතිශතය 10.04% දක්වා ඉහළ ගොස් තිඛෙන අතර එයින් සෑම තුන් දෙනෙකුගෙන් අයෙකු මත්පැන් පානයට තදින් ඇබ්බැහිවූවන් බවට අනාවරණය වේ.

තවද ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව පෙන්වා දෙන්නේ  ශ්‍රී ලංකාවේ මත්පැන් පානය කරන්නන් අතුරින් 40% ක් නීතිවිරෝධී මත්පැන් පානය කරන බවයි.