FAST NEWS

24×7 Around the Globe

අද සිට සතියක කාලයක් තුළ කිසිවකු එල්ලා නොමරන බවට සහතිකයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඉදිරි සතිය තුල මරණිය දණ්ඩණය ක්‍රියාත්මක නොකරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අද (28) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

ඒ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව මාධ්‍යවේදී මාලින්ද සෙනවිරත්න මහතා ගොණු කළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස අධිකරණයේ පෙනී සිටිමින්.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුණ ඔබේසේකර මහතා හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

අද (28) සිට ඉදිරි සතිය තුල කිසිදු සිරකරුවකු මරණීය දණ්ඩනයට ලක් නොකරන බවට පොරොන්දු විය හැකිදැයි විනිසුරු මඩුල්ල බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් විමසා සිටි අතර , ඔහු ඊට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ ඉදිරි සතිය තුල කිසිදු සිරකරුවකු මරණීය දණ්ඩනයට ලක් නොකරන බවට එකගවිය හැකි බවයි.

ඒ අනුව අදාල පෙත්සම ලබන මස 02 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය නියෝග කළහ.