FAST NEWS

24×7 Around the Globe

විශ්‍රාමීක දුම්රිය සේවකයින් යළි බඳවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ වෙයි

 

ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමෙන් පසු විශ්‍රාමීක දුම්රිය සේවකයින් යළි බඳවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙයි.

එහි මූලික පියවර ලෙස ශ්‍රී ලංකා දුම්රිය සේවාවෙන් විශ්‍රාම ගත් දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, සංඥා පරීක්ෂක, මාර්ග පරීක්ෂකවරුන් යළි සේවයට එක් කර ගැනීම සදහා සම්මුඛ පරීක්ෂණයක් අද (28) නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී පැවැත්වෙන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

ඒ අනුව දහවල් 01.00 වන විට මේ සදහා දුම්රිය ස්ථානාධිපතිවරු 22ක් දුම්රිය නියාමකවරු 03ක් හා අධීක්ෂක කළමණාකරු සඳහා එක් අයෙක් සහභාගී වී සිටි බව පැවසේ.

අද (28) දවස පුරා මෙම බඳවා ගැනීම් සිදු කෙරෙන බවද එම දෙපාර්තුමේන්තුව කියයි.