(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක උරුමයක්වූ ඓතිහාසික ගාලු කොටුව අදියර දෙකක් යටතේ සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇතැයි ගාලු උරුමය පදනමේ අධ්‍යක්ෂිකා ඩී.කේ.එස් ජයලක්ෂ්මී මහත්මිය සඳහන් කරයි.
මෙහි පළමු අදියරේ වැඩ මේ වනවිටත් ආරම්භ කර ඇති අතර ඒ යටතේ කොටු බැම්මේ පිටත පිළිසකර කිරීම මුර අට්ටාල අලුත්වැඩියා කිරිම සිදු කෙරෙමින් පවතී. ඒ සඳහා වැය කරනු ලබන මුදල මිලියන 500 කි.
මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කල අධ්‍යක්ෂවරිය කියා සිටියේ “ දෙවන අදියර යටතේ භූ දර්ශණ සැකසීම හා පහන් ආලෝක පද්ධති සවි කිරීමටත් යුධ කාමර සංරක්ෂණය කර නැරඹීම සඳහා පහසුකම් සැපයීම සිදු කෙරෙන බවත් , වරලත් වාස්තු විද්‍යාඥ නිලාන් කුරේ මහතාගේ උපදෙස් පරිදි මෙම සංරක්ෂණ කටයුතු කරනු ලබන අතර ගාලු උරුමය අධීක්ෂණ සහාය ලබාදෙන බවත්ය.








