FAST NEWS

24×7 Around the Globe

කතරගම ඇසල පෙරහැර මංගල්‍යය හේතුවෙන් පාසල් කිහිපයක් දින 11 ක් වැසෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  කතරගම ඇසල පෙරහැර මංගල්‍යය හේතුවෙන්, ලබන මස අඟහරුවාදා සිට 18 වනදා දක්වා රජයේ පාසල් හතරකට දින 11 ක කාලයක් නිවාඩු ලබාදි දීමට තීරණය කර ඇති බව, තණමල්විල කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ බුද්ධික කරුනාදාස මහතා ප‍්‍රකාශ කළේය.

ඒ අනුව කතරගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තණමල්විල අධ්‍යාපන කොට්ඨාසයට අයත් කතරගම ජනාධිපති ජාතික පාසල , සෙල්ලකතරගම මහ විද්‍යාලය , දෙටගමුව කණිෂ්ඨ විද්‍යාලය සහ ගෝතමිගම කණිෂ්ඨ විද්‍යාලය මෙසේ වැසෙයි.

රුහුණු කතරගම පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවට ආරක්ෂාව සලසන පොලිසිය ඇතුළු නිලධාරින්ට නවාතැන් පහසුකම් මෙම පාසල් වලින් ලබාදිම ඊට හේතුව බවත් හෙතෙම පැවසීය.

මෙම කාලසීමාව තුළ සිසුන්ට මගහැරෙන අධ්‍යයන කටයුතු ඉදිරි පාසල් නිවාඩු කාලය තුළ ආවරණය කරන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම්දි දි ඇති බවද කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා‍ වැඩි දුරටත් සඳහන් කළේය.