FAST NEWS

24×7 Around the Globe

සියළුම ජාතීන්ට දංකොටුව සති පොළ භූමීයේ වෙළදාම් කරන්න ඉඩ දෙන්නැයි නියෝග

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සියළුම ජාතීන්ට අයත් වෙළෙන්දන්ට දංකොටුව සති පොළ භූමීය තුළ වෙළදාම් කරන්න ඉඩ දෙන්නැයි මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය අද (28) වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙත නියෝග කළේය.

පවතින වතාවරණය සැලකිල්ලට ගනිමීන් මුස්ලිම් ජාතික වෙළෙන්දන්ට දංකොටුව සති පොළ භූමීය තුළ වෙළදාම් කිරිම තාවකාලකව වළක්වමීන් වෙන්නප්පුව ප්‍රාදේශීය  සභා සභාපතිවරයා නියෝගයක් නිකුත් කළේය.