FAST NEWS

24×7 Around the Globe

ජාතික අනතුරු නිවාරණය සතිය ජූලි 01 සිට ජූලි 05 දක්වා

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික අනතුරු නිවාරණය සතිය ජූලි 01 සිට ජූලි 05 දා දක්වා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදි ඇති බව වැඩ බලන සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්මාල් ගම්ලත් මහතා ඊයේ (27‍්) සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යංශයදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මිලියනයක් පමණ වන රෝහල් ගතවීම් මෙන්ම ආබාධ තත්ත්වයට පත්වීම සඳහාත් අනතුරු ප්‍රධානතම හේතුව බව ඔහු සදහන් කළේය.

රටේ ඵලදායික කණ්ඩායම වන වයස අවුරුදු 15 – 44 ත් අතර පුද්ගලයින්ගේ මරණවලට ප්‍රධානතම හේතුව හදිසි අනතුරුයි. මෙයට හේතුව ලෙස නොසැළකිලිමත්භාවය පෙන්වාදුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා, මේ හේතුවෙන් මේ සඳහා ප්‍රතිකාර වෙනුවෙන් රජය විශාල වියදමක් සිදු කරන බව කීය.

හදිසි අනතුරු ලෙසින් මාර්ග අනතුරු පමණක් නොවන බවත්, එය වැටීම්, සතුන් සපාකැම්, මාර්ග අනතුරු, යම් වස්තුවක් ගැවීම, කැපීම්, විෂවිම්, සත්ත්ව දෂ්ඨ කිරීම් යනාදිය ද අනතුරු ලෙසින් දැක්විය හැකි බවයි.

මෙම තත්ත්වය අවම කිරීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජුලි 01  – මාර්ග අනතුරු වැළැක්වීමේ දිනය
ජුලි 02 – සේවා ස්ථානයන් හී අනතුරු වැළැක්වීමේ දිනය
ජුලි 03 – නිවාස හා වැඩිහිටි නිවාසවල දී සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය
ජුලි 04 – පෙර පාසල් හි අනතුරු වැළැක්වීමේ දිනය
ජුලි 05 – පාසල් තුළ දි සිදු වන අනතුරු අවම කිරීම සඳහා දිනය

මෙහිදී අදහස් දැක්වූ රථවාහන මූලස්ථානයේ ස්ථානාධිපති, පොලිස් පරික්ෂක කිත්සිරි කුමාර මහතා ප්‍රකාශ කළේ , නීතිරීති ප්‍රමාණයටත් වඩා පැවතිය ද එය පිළිපැදිය යුතු බවයි.

රට තුළ වැඩිම අනතුරු ප්‍රමාණයක් සිදු වන්නේ යතුරු පැදි වලින් බවත්, ඊට නොදැවෙනි ලෙස පාරේ ගමන් ගන්නා මග ජනතාවටද වැළකීමක් ඇති බවත් ඔහු පැවසීය.