FAST NEWS

24×7 Around the Globe

උදය ගම්මන්පිළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

ඒ, මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ඔහු සතුව ඇති සාක්ෂි සහ තොරතුරු පිළිබදව ප්‍රකාශ ලබා ගැනීම සදහායි.

2015 – 2018 රාජ්‍ය ආයතනවල සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලෙන මෙම කොමිසම හමුවේ ලබන 11 වනදා පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දන්වා තිබේ.

ඊයේ මේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් සාක්ෂි ලබාදුන් අතර , එහිදී උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ තමන් සිදුකළ පැමිණිල්ලට අදාළව වැඩිදුර තොරතුරු උදය ගම්මන්පිල මහතා සතුව පවතින බවයි.

ඒ හේතුවෙන් මන්ත්‍රීවරයා කොමිසම හමුවට කැදවා ඔහුගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස තිනියාවල පාලිත හිමියන් ඉල්ලීමක් කර තිබේ.