FAST NEWS

24×7 Around the Globe

වර්ජනයේ නියතු සේවකයින්ට එරෙහිව සාමාන්‍යාධිකාරීගෙන් පොලිසීයට පැමීණිල්ලක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරුණූ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය පිළිබඳ පොලීසියට පැමිණිලි කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

ඒ අනුව හදිසි නීති රෙගුලාසි කඩ කිරිමේ චෝදනාවට වර්ජනයේ නිරත සේවකයින්ට එරෙහිව අධිකරණය මගින් අවශ්‍ය ක්‍රියාමර්ග ගන්නා බව එහි අරමුණ බවද හෙතෙම පැවසීය.

මේ අතර වර්ජනය පැවතිය ද මහනුවර, රඹුක්කන, මාතර, ගාල්ල, මහව, හලාවත සහ අවිස්සාවේල්ලේ සිට අද උදෑසන දුම්රිය 7ක් කොළඹ කොටුව දක්වා ධාවනය කිරිමට පියවර ගත් බව දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසීය.

ශ්‍රේණි කිහිපයක වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස බල කරමින් තමන් ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය මේ වනවිට සාර්ථකය ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.