FAST NEWS

24×7 Around the Globe

ජර්මනියේ ලුෆ්ටැන්සා ගුවන් නියමුවෝ වැඩ වර්ජනයක.

ජර්මනියේ ලුෆ්ටැන්සා ගුවන් නියමුවන් දින දෙකක වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

පූර්ව විශ්‍රාම ප්‍රතිපාදන හා පිරිවැය කප්පාදුවට එරෙහිව මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබේ.

කළමනාකාරීත්වය සමග දීර්ඝ කාලීන අර්බුදයක් ඇති වීමටද මෙම ගැටලුව හේතු වී තිබෙන බවයි වාර්තා වෙයි.

ගුවන් නියමුවන්ගේ සංගමය නිවේදනය කර ඇත්තේ ඔවුන් සියලු ගුවන් ගමන් වලින් ඉවත්ව සිටින බවය.

මේ හේතුවෙන් එරට ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අවලංගු විය හැකි බව විදෙස් වාර්තා සදහන් කරයි.