(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොටුගොඩ පස් චමී නැමැත්තා වෙඩි තබා ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සහ අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි අඹුසැමි යුවලක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී ආගමන විගමන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ගම්පහ පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
මෙම දෙපළ ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
63 හැවිරිදි ඔස්මන් ගුණසේකර නමැත්තා සහ ඔහුගේ 53 හැවිරිදි බිරිද මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර , ගෙන ඇති අතර ජීව උණ්ඩ 46ක් ළග තබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති බවත් වාර්තා වෙයි.
සැකකාර යුවල ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.








