හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති නඩුවේ සාක්ෂි විභාගය අගෝස්තු මස 30 වැනිදා යළි ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද (27) නියම කළේය.
ඒ අනුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 30 වනදා සහ සැප්තැම්බර් මස 10 වනදා පවත්වන බව අධිකරණය ප්‍රකාශ කළේය.
2004 වසර සහ 2006 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීතියානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන හතළිස් 41.2 ක වත්කම් අයථා ලෙස උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබේ.








