FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කටයුතු ආරම්භ කරයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කටයුතු ආරම්භ කළ බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

ඒ අනුව ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කිරීමට දේශපාලන පක්ෂ ගණනාවක් මේ වනවිට සිය එකඟතාව පළ කර ඇති බව පැවසේ.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ සිට එක්ව කටයුතු කළ සහෝදර දේශපාලන පක්ෂ සමඟ ඉදිරියේදීත් එක්ව කටයුතු කරන බවත් මෙතෙක් සන්ධානගත නොවී සිටි අනෙකුත් පක්‍ෂ සමගද එක්ව කටයුතු කිරීමේ අරමුණින් මේ දිනවල පොදුජන පෙරමුණ හා එම දේශපාලන පක්ෂ අතර සාකච්ඡා ආරම්භ කර ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි..

ඒ අනුව දේශ විමුක්ති ජනතා පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලිබරල් පක්ෂය, ඊ පී ඩී පී පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, මුස්ලිම් උළමා පක්ෂය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, යන පක්ෂ සමඟ සමග මේවනවිට සාකච්ඡා සාර්ථකව අවසන් කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.