FAST NEWS

24×7 Around the Globe

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය වෘත්තිය සමිති අද (27) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතය.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබියදීත් මුදල් අමාත්‍යාංශය මගින් වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ඇත.

පසුගිය 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එක්ව පැය 48 ක වර්ජනයක් සිදුකළ අතර, වර්ජනය අවසන් කරමින් වෘත්තිය සමිති තීරණය කරනු ලැබුවේ සිය ගැටළුව විසඳන තුරු සෑම සතියකම බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමටයි.