(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාළවෙන් අසරණභාවයට පත්වු ළමුන් 33 දෙනෙකු රැකබලා ගැනීමට ස්ථිර වැඩ පිළිවෙලක් සකස්කිරීම සදහා භාරකාර අරමුදලක් පිහිටුවිමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර , ඒ සදහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
මෙම අරමුදල සදහා බාහිර ප්‍රධාන මගින් ලබා ගැනීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 300 ක්.
මෙම ප්‍රහාර මාලාවෙන් තුවාල ලබා දැනට රෝහල් ගතව සිටින්නන්ට විදෙස් ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නම් රජයේ වියදමින් ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ද නියමිතයි.
පාස්කු ඉරිදා ප්‍රහාර මාළාවෙන් මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක් හා තුවාල ලැබූ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ පහක උපරිමයකට යටත්ව වන්දි මුදලක් ගෙවීමටද පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.








