FAST NEWS

24×7 Around the Globe

යුධ හමුදා ට්‍රක් රථය අනතුරට පත්වීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම අරඹයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  යුද හමුදා ට්‍රක් රථයක් , යාල්දේවී දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කර තිබේ.

මෙම අනතුරෙන් අදාළ ට්‍රක් රථයේ ගමන් ගත් සෙබළුන් 07 දෙනෙකුගෙන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

අනතුර සිදුවන අවස්ථාවේ ඒ අසල සිටි ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බව කිලිනොච්චි පොලීසිය සඳහන් කරයි.

පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු මියගිය හමුදා සෙබළුන්ගේ දේහයන් අද ඥාතීන් වෙත භාරදීමට නියමිතයි.

අනතුර සිදුවූ කිලිනොච්චිය – මුරුකන්ඩි 55 හන්දියේ බෙල් ඇන්ඞ් ලයිට් ක්‍රමයට ක්‍රියාත්මක වන ආලෝක සංඥා පුවරුවක් පවතින අතර, අනතුර සිදුවන අවස්ථාවේ එය ක්‍රියාත්මක වූයේද යන්න සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.