FAST NEWS

24×7 Around the Globe

මීගමුව බන්ධනාගාර රෝහලේදී සැකකරුවෙක් දිවි තොර ගනී

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මීගමුව බන්ධනාගාර රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි එම සැකකරු සියදිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.

මොහු පසුගිය 21 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මහළු කාන්තාවක් දූෂණයට ලක් කිරීමේ චෝදනාවකටයි.