FAST NEWS

24×7 Around the Globe

හුංගම ධීවර බෝට්ටු ගිනි ගැනීම කඩාකප්පල් ක්‍රියාවක් බවට සැක – පොලිසිය

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (25) රාත්‍රියේ හුංගම – ගුරුපොකුණ ධීවර වරායේ ඇති වූ ගින්න කිසියම් පිරිසකගේ කඩාකප්පල්කාරි ක්‍රියාවක් බවට පොලීසිය සැක කරයි.

ඊයේ අටවක පොහෝ දිනය හේතුවෙන් ධීවරයින් සිය රැකියාවේ නිරත නොවීම නිසා ධීවර යාත්‍රා විශාල ප්‍රමාණයක් වරායේ නතර කර තිබී ඇති අතර , පළමුවෙන්ම ගින්න වරායේ මාළු මිලදී ගන්නා වාඩියේ හට ගෙන පසුව එය වරායේ නවතා තිබූ යාත්‍රා වෙත පැතිර ගොස් ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

ගින්නෙන් බෝට්ටු 20 ක් පමණ මුළුමනින්ම විනාශ වී ඇති අතර මෙම වරායේ ධීවරයින් දෙපිරිසක් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.