(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරිමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාව දේශපාලන නාටකයක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති සාකච්ඡාවේදී සදහන් කර ඇත.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ,
“තේරීම් කාරක සභාව කියන්නේ දේශපාලන නාට්‍යයක්. මේ නාට්‍ය පුහුණු වෙනවා අරලිය ගහ මන්දිරයේ හවසට. නාට්‍ය පෙන්වනවා උදේට පාර්ලිමේන්තුවේදී.
අනිත් එක තේරීම් කාරක සභාවෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා අද වෙනකම් කියලා නෑ. අප්‍රේල් 21 සිදුවීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 07 ක් තිබෙනවා. මමත් වග උත්තරකරු කරලා තිබෙනවා නඩු දෙකක.
නඩු 07 විභාගයට ගන්නවා ජූලි 17. ඒක 07 දෙනෙකුගේ යුත් විනිශ්චය මණ්ඩලයක්. ශ්‍රේෂ්ඨාධිකරණය දින තීන්දු කරලා තිබෙනවා. මම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ප්‍රධානියා කරලා පරීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබෙනවා.
මේ වාර්තා තුන මම නීතිපතිට දුන්නා. මල්ලගොඩ පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවෙන් ඉල්ලුවා. නීතිපති ලිඛිතව දැන්වුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවලට තේරීම් කාරක සභාව බරපතල ගැටලුවක් බවත් මලල්ගොඩ වාර්තා කිසිසේත්ම පාර්ලිමේන්තුවට දෙන්න එපා කියලත් දැන්වූවා. මේ තේරීම් කාරක සභාව අරලිය ගහ මන්දිරයේ නිශ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරලා පාර්ලිමේන්තුවේදී පෙන්වනවා” යනුවෙන් එහිදී අදහස් දක්වා ඇත.








