FAST NEWS

24×7 Around the Globe

ජවිපෙ ලාල්කාන්ත ජනපති මෛත්‍රීට ලිපියක් ලියයි.

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට ඇති වී තිබෙන ගැටලු 07 ක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අවස්ථාවක් ලබාදෙන ලෙස එහි සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටියි.

රාජ්‍ය සේවක දීමනා මූලික වැටුපට එකතු නොකිරීමට, රාජ්‍ය සේවක අයිතීන් කප්පාදු කිරීම, ප්‍රතිලාභ අහිමි කිරීම, පෞද්ගලික අංශ සේවකයන්ට ලබාදීමට එකඟවූ රුපියල් 2500 ලබානොදීම වතුකම්කරු වැටුප ඉහළ නොදැමීම, මෑන් පවර් සේවකයන් ස්ථිර නොකිරීම හා ජීවන අංකය රුපියල් 280 ක් ලෙස ගැසට් නොකිරීම නිසා සේවකයන්ට ගැටලු ඇති වී තිබෙන බවද එම ලිපියේ සඳහන් කර ඇත.

මෙම ගැටලු ගැන සාකච්ඡා කිරීමට ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය තීරණය කර තිබෙන බවත්, ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසද එම ලිපිය මගින් ඉල්ලා ඇත.