FAST NEWS

24×7 Around the Globe

මාස 08 ක කාලයක් ඩීසල් හා පෙට්‍රල් ආනයනය කිරිමේ දිර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවකට අනුමැතිය

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ඉදිරි මාස 08 ක කාලයක් තුළ ඩීසල් හා පෙට්‍රල් ආනයනය කිරීම සඳහා දිර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 2019 ජූලි 15 වන දා සිට 2020 මාර්තු 14 වන දින දක්වා කාලය සඳහා අවශ්‍ය ඩීසල් බැරල් 420,000 ක් ඩීසල් බැරල් 1,040,000 ක් සහ පෙට්‍රල්(92UNL)බැරල් 1,084,000 ආනයනය කිරීම සඳහා වන දිගු කාලීන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙය සිදු කරනු ඇත.

සිංගප්පූරුවේ පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.