(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා තීන්දු තීරණ අනුව ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරිම ගැන තීරණයක් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කාර්යාලයේ මේ වන විට පැවැත්වෙන මාධ්‍ය ප්‍රධානීන් සමඟ හමුවේදි ප්‍රකාශ කර තිබේ.
ජනමත විචාරණයක් පැවැත්වීමට යන බවට පළ වන වාර්තා අසත්‍යක් බවද ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ පවසා තිබේ.
එසේම රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් පවතින බවත් තමන් පිළිගන්නා බවත් ඊට හේතුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බවත් මෙහිදි ජනාධිපවරයා අවධාරණය කර තිබේ.
තවද ජනධිපතිවරණය නියමීත කලට පැවැත්විමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදි පවසා ඇත.
ජනාධිපතිවරණයෙන් මාස 02 කට පසුව මහා මැතිවරණයක් පැවැත්වෙන බවත්, රටට සාපයක් වන 19 වැනි සංශෝධනය NGO අවශ්‍යතාවක් බව ත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
සිරකරුවන් 04 දෙනෙකුට මරණ දඬුවම ලබා දීමේ නියෝගයට තමා අත්සන් කළ බවද ඒ සඳහා දිනයද තීරණය කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කර ඇත.
SOFA ගිවිසුම හෝ අමෙරිකානු හමුදාවට මෙරටට ගොඩබැසීමට හැකි ගිවිසුම්වලට තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බවද ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කර තිබේ.
එසේම තමාව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත් කර ඇති විශේෂ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට තමාව කැඳවා නැති බවත්, එම තේරිම් කාරක සභාව නාටකයක් බවත් එහි පිටපත් අරලියගහ මන්දිරයෙන් ලියා ඇති බවද එය රඟ දක්වන්නේ පාර්ලිමේන්තුව නැමති වේදිකාවේ බවත් ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දී තිබේ.
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්වන බවත්, ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සෙසු පිරිස මිය ගොස් ඇති බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.








