(ෆාස්ට් නිව්ස් – කොළඹ) – නව සන්ධානයක් ගොඩනැගිම සඳහා වන ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන 06 වන වටයේ සාකච්ඡාව අද (26) පැවැත්විමට නියමිතය.
ඒ අනුව අද (26) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්විමට නියමීත බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි.
මෙම පක්ෂඅතර පසුගිය 17 වනදා පැවැත්විමට නියමිතව තිබූ සාකච්ඡා අද (26) දිනය දක්වා කල් තැබුණි.








