(ෆාස්ට් නිව්ස් – කොළඹ) – නව ආගමන විගමන පාලක ජනරාල් ලෙස පසන් රත්නායක මහතා පත් කිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
2017 වසරේ සිට අතිරේක ආගමන විගමන පාලක ජනරාල් ලෙස කටයුතු කළ පසන් රත්නායක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකි.
හිටපු ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත්ව යැවීමෙන් පසු මෙම තනතුර පුරප්පාඩු වී තිබිණි.
පසන් රත්නායක මහතා නව තනතුරේ වැඩ බාරගැනීම හෙට (27) පෙරවරුවේ සිදුකිරිමට නියමිත බවත් එම දෙපාර්තුමේන්තුව පැවසීය.








