FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබා දිමට කැබිනට් අනුමැතිය

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබා දිමේ ව්‍යාපෘතියට අද (25) පැවැති කැබිනට් මණ්ඩල රැස්විමේදි අනුමැතිය හිමිව ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය හිමීව තිබේ.

මෙම සම්මත වු යෝජනාවට අනුව අදියර 03 ක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.